අයෝ හී ලාවා මුහුදු


NASA ආයතනය තම ගැලීලියෝ මෙහෙයුම අවසන් කර දශකයකට ආසන්න කාලයකට පසු මේ වන විට විද්‍යාඥයන් විසින් මෙම මෙහෙයුමෙන් ලබාගත් දත්ත ආශ්‍රයෙන් බ්‍රහස්පතිගේ ගිනිකඳු අධිකම චන්ද්‍රයා වන “අයෝ” ගේ කබොලට පහතින් පවතින ගෝලීය මැග්මා සාගරය පිළිබඳ ප්‍රථම සෘජු සාධක විශ්ලේෂණය කරමින් සිටියි.

බ්‍රහස්පතිගේ අභ්‍යන්තර චන්ද්‍රයන් මත ක්‍රියාකාරි ගිනිකඳු තිබෙන බව මුලින්ම හඳුනා ගත්තේ 1979 දී වොයෙජර් යානය මගිනි. මේ චන්ද්‍රයන් අතරින් අයෝ ඉතාමත් ඉක්මනින්ම “සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම ගිනිකඳු ක්‍රියාකාරිත්වයක් සහිත පෘෂ්ඨය හිමි ස්ථානය” ට අයත් ගෞරවය දිනා ගැනීමට සමත් විය.එය පෘතුවිය මෙන් තුනෙන් එකක ප්‍රමාණයෙන් යුත් ග්‍රහ වස්තුවක් වුවත් පෘතුවිය විසින් වසරක් තුල නිපදවන ලාවා ප්‍රමාණය මෙන් සිය ගුණයක ලාවා ප්‍රමාණයක් අයෝ විසින් එම කාලය තුලම නිපදවයි.මෙතරම් විශාල ශක්තියක් නිපදවීමට හැකියාවක් අයෝ ට ලැබී ඇත්තේ සිය මවු ග්‍රහලෝකය වන යෝධ බ්‍රහස්පති හා අයෝ අතර පවතින සුවිශාල ආකර්ශන බලයයි.

බ්‍රහස්පති හා අයෝ අතර පවතින මෙම සම්බන්ධය පිළිබඳ නවතම තොරතුරු වලට අනුව පැහැදිලි වන්නේ අයෝගේ කබොලට යටින් 30-50 කි.මී තරම් ඝනකමින් යුත් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයේන් උණු වු මැග්මා සාගරයක් පවතින බවයි.මෙම මැග්මා සාගරය මගින් චන්ද්‍රයාගේ ප්‍රාවරයෙන් 10% ක් පමණ නිර්මාණය කෙරෙන අතර මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 1200 ඉක්මවනවා.

බ්‍රහස්පති ග්‍රහයා භ්‍රමණය වනවිට අයෝ වටා වූ එහි චුම්භක ක්ෂේත්‍රය විචලනය වන අතර අයෝගේ මැග්මා සාගරය මෙම විචලනය හමුවේ ඉවතට හැරීමක් සිදුවේ.මේ මගින් පිටත සිදුවෙන චුම්භක ක්ෂේත්‍රය කැළඹීමට සාපේක්ෂව අයෝගේ අභ්‍යන්තර චුම්භක ක්ෂේත්‍රය ස්ථාවරව සිරස්ව පවත්වාගැනීමට ඊට හැකි වී ඇත. මෙය අයෝගෙ අභ්‍යන්තර ව්‍යුහය වටහා ගැනීමට ඒ පිළිබඳ උනන්දු විද්‍යාඥයන්ට හොඳ සලකුනක් වනවා නිසැකයි.

මේ අනුව අයෝගේ මතුපිටට මැග්මා පැමිණෙන ආකාරය අවබෝධ කරගැනීමට හා එහි චුම්භක ක්ෂේත්‍රය පිළිබඳ වු විශ්වාස කල නොහැකි දත්ත පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාගැනීමට විද්‍යාඥයන්ට දැන් හැකිවී තිබෙනවා. පෘතුවි හා චන්ද්‍ර පෘෂ්ඨ මතද ඉහත ආකාරයේම මැග්මා මුහුදු මීට වසර බිලියන ගණනකට පෙර ඒවා නිර්මාණය වන අවධියේ තිබෙන්නට ඇති බවත් නමුත් බොහෝ කාලයක් තිස්සේ ඒවා ශීතව පවතින බවත් මෙම පර්යේෂනයෙන් උපකල්පනය කල හැකි බව මේ ගැන අදහස් දක්වමින් NASA හී ක්ෂේප ප්‍රචාලනය (Jet Propulsion) විද්‍යාගාරය හා සම්බන්ධ විද්‍යාඥයකු මෙන්ම ගැලීලියානු මෙහෙයුමේ විද්‍යාඥයකුද වූ Torrence Johnson පවසයි.

2003 දී මෙම මෙහෙයුම අවසන් වීමෙන් පසු ගැලීලියෝ යානය බ්‍රහස්පති පෘෂ්ඨය මතට කඩාවැට්ටවීමට බලධාරින් ක්‍රියාකරන ලදී.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s