තනි ග්‍රහයෝ


   Ten Jupiter-like planets have been detected in our Milky Way Galaxy without any sign of a parent star, likely booted from their birth place in turbulent, developing solar systems. Image: NASA/JPL-Caltech.

විශ්වය පුරා නිදගසේ සැරිසරන යෝධ ග්‍රහලෝක කිහිපයක් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා.සාමාන්‍යයෙන් ග්‍රහලෝක තරුවක් වටා භ්‍රමණය වෙමින් පවතින නමුත් මෙම ග්‍රහලෝක ක්ෂීරපථ මණ්දාකිනිය තුල අහඹු ලෙස චලිත වන බවයි ඔවුන්ගෙ අදහස.බ්‍රහස්පති ග්‍රහලෝකය තරම් හෝ ඊට වඩා විශාල මෙම ග්‍රහලෝක නිර්මාණය වෙමින් පවතින ග්‍රහලෝක පද්ධති වලින් ප්‍රතික්ෂේපිත වු ග්‍රහලෝක බවටයි ඔවුන් අනුමාන කරන්නේ.

ජපාන හා නවසීලන්ත පර්යේෂකයන් පිරිසක් එක්ව දියත් කල මෙම ව්‍යාපෘතිය හැඳින්වුයේ Microlensing Observations in Astrophysics (MOA) යන නමිනි.මෙහිදී වසර දෙකක් පුරාවට ක්ෂීරපථය මධ්‍යය දක්වා තරු මිලියන 50 කට ආසන්න සංඛ්‍යාවක් ආශ්‍රිතව ඔවුන් නිරීක්ෂණය කර තිබේ. මෙහිදි උපයෝගී කරගෙන තිබෙන මූලධර්මය වනුයේ “ගුරුත්වාකර්ශන කාච ආචරණය” යන සංකල්පයයි. ගුරුත්වාකර්ශන කාච ආචරනය යනු ඈත පිහිටි තරුවකින් හෝ දීප්තිමත් වස්තුවකින් පැමිණෙන ආලෝක කිරණ ළඟින් පිහිටි විශාල ග්‍රහලොවක් හෝ තරුවක ගුරුත්වාකර්ශනයට ආකර්ශනය වීමෙන් සැබෑ තරුවට වඩා දීප්තියෙන් හා විශාලත්වයෙන් වැඩි ප්‍රතිබිම්භයක් නිර්මාණය කිරිමයි.එසේම මෙම ක්‍රියාවලිය නිසා පසුබිම් දීප්තිමත් වස්තුවේ ප්‍රතිබිම්භ කිහිපයක්ද නිර්මාණය වීම සිදුවේ.

ඉහත අධ්‍යයනය මගින් තනි ගුරුත්වාකර්ශන කාච ආචරණ 474 ක් හඳුනාගැනීමට පර්යෙෂකයන් සමත් වී තිබෙනවා. මෙයින් අවසාන සිද්ධි 10 නිරීක්ෂනය කර ඇත්තේ දවස් දෙකකටත් අඩු කාලයක් තුලදී වීම විශේෂයි.

මේ අතර මීට ස්වාධීන ලෙස තම පර්යේෂණ මෙහෙයවු තවත් පර්යෙෂකයන් පිරිසක් වනOptical Gravitational Lensing Experiment (OGLE) විසින්ද ඉහත කරුණු තහවුරු කර තිබේ.ඔවුන් පවසන්නේ අප ක්ෂිරපථය තුල බිලියන ගණනක හුදකලා ග්‍රහලෝක පැවතිය හැකි බවයි.
මේ පිළිබඳ NASA හී හා ජාතික විද්‍යා පදනමේ සාමාජිකයෙක් වන South Bend හී Notre Dame සරසවියේ David Bennett මෙසේ අදහස් දක්වයි “අපේ සමීක්ෂනය ජන සංගණනයකට සමාන කරන්න පුළුවන්.මෙහිදී අපි අපේ මණ්දාකිනියේ එක්තරා කොටසක් නිදර්ෂකයක් ලෙසට ගෙනයි ඉහත දත්ත ගණනය කරනු ලැබුවේ …. එසේම ඉහත දත්ත පාදක කරගෙන අපිට මුළු මණ්දාකිනිය තුලම තිබෙන හුදකලාව ග්‍රහයන් ඇස්තමේන්තු කර හැකියි.”

තව දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ “මෙම ග්‍රහලෝක තාරකා මෙන්ම ස්වාධීනව නිර්මාණය වනවා නම් අපට බලාපොරොත්තු වියහැක්කේ ග්‍රහලෝක 1ක් හෝ 2ක් පමණයි..මෙතරම් විශාල ගණනක් නොවේ.අප ලබාගත් ප්‍රථිඵල මගින් යෝජනා කරන්නේ ග්‍රහලෝක පද්ධති බොහෝ විට අස්ථාවර වෙන බවත් මේ හේතුවෙන් ඇතැම් ග්‍රහලෝක වලට තම උපන් ස්ථාන වලින් ඉවත් වීමට සිදුවෙන බවත්ය.”

නමුත් ඉහත සමීක්ෂණයේදී බ්‍රහස්පතිට වඩා කුඩා ග්‍රහලෝක සලකා නැහැ.ඊට හේතුව ගුරුත්වාකර්ෂන කාච ක්‍රියාවලිය කුඩා ග්‍රහලෝක ආශ්‍රිතව සිදුනොවන තරම් නිසාය.නමුත් පර්යේෂකයන් පවසන්නේ බ්‍රහස්පති වැනි විශාල ස්ක්න්ධයක් තිබෙන ග්‍රහලෝක වලට වඩා පහසුවෙන් පෘතුවිය වැනි කුඩා ස්කන්ධයක් තිබෙනග්‍රහලෝක නිර්මාණය වෙමින් පවතින ග්‍රහලෝක පද්ධති මගින් ප්‍රතික්ෂේපිත කිරීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s