හඳ හිතුවටත් වඩා තෙතයි…!


චන්ද්‍ර අභ්‍යන්තරය මීට පෙර ගණනය කල ප්‍රමාණයට වඩා 100 ගුණයක ජල ප්‍රමාණයක් දරා සිටින බව ඇපලෝ මෙහෙයුමෙන් ලබාගත් නිදර්ශක වල නවතම විශ්ලේෂන වලදී අනාවරනය වී තිබේ.මෙම ප්‍රමාණය පෘතුවියේ ඉහල ප්‍රාවරයේ ඇති මැග්මා ස්ථරය සතු ජල ප්‍රමාණයට බොහෝසෙයින් සමාන වීම විශේෂත්වයක්.මේ අනුව චන්ද්‍ර උපත පිළිබඳ දැනට පිළිගන්නා මතය වන මහා සංඝට්ටන වාදය තවදුරටත් තහවුරු වීමක්ද මෙමගින් සිදුවේ.

ඇපලෝ 17 මෙහෙයුමෙන් ලබාගත් චන්ද්‍රයාගේ විලීන අන්තර්ගතයන් අඩංගු නිදර්ශක 7ක් භාවිතයෙන් මෙම කරුණු අනාවරනය කරගැනීමට පර්යේෂකයන් සමත් වී තිබේ.මීට වසර බිලියන 3.6 කට පෙර චන්ද්‍ර අභ්‍යන්තරයෙන් මතුපිටට පැමිණි යමහල් ස්ඵටික අඩංගු මෙම නිදර්ශක අධ්‍යයනය මගින් සඳේ අතීතය පිළිබඳ බොහෝ කරුණු සොයාගත හැකි බව විශ්වාසය පල කෙරේ.මෙම විලීන චන්ද්‍ර අන්තර්ගතයන් සාමන්‍යයෙන් හමුවන ලාවා හෝ මැග්මා නිදර්ශක වලින් වෙනස් වන්නේ ඒවා වෙසෙසින්ම ඉතා කුඩා නිසාය.පරීක්ශනයට ලක් කල බොහෝ අශූන්ගේ විශ්කම්භය මයික්‍රෝමීටර 30 ක් ,එනම් කෙස් ගසක විශ්කම්භයටත් වඩා කුඩා විය.

ජලයේ තාපාංකය මැග්මා වල තාපාංකයට වඩා අඩුයි.එම නිසා එම නිසා ලාවා පොලොවෙන් පිටතට පැමිණිමේදී ජලය වාශ්ප වී වායුගෝලයට එකතු වීම සිදුවේ.නමුත් විලීන චන්ද්‍ර අන්තර්ගතයන් චන්ද්‍ර පොලොවෙන් පිටතට පැමිණිමේදී චන්ද්‍ර පාෂාණ ස්ඵටික (සාමාන්‍යයෙන් olivine නම් ඛනිජය තුල ) තුල සිර වීම නිසා ඉහත පරිදි ජලය වාශ්ප වීම සිදු නොවේ.එම නිසා මෙම ජල ප්‍රමාණය NanoSIMS නම් සූක්ෂම උපකරණය භාවිතයෙන් මැනීමට හැකියාවක් ලැබෙන බව මෙම පර්යෙෂනය මෙහයවු Carnegie Institute for Science හී Erik Hauri පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කලේ ඔවුන් සඳේ ජල ප්‍රමාණය ඉහල අගයක පැවතිය යුතු බව බලාපොරොත්තු වූ නමුත් නවතම ගණනය කිරීම් ඔවුන් 2008 දී එම නිදර්ශකයෙන්ම ගණනය කල ප්‍රමාණයට වඩා සිය ගුණයකින් විශාල බවයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s