up-coming events


            2011


ජූනි 1 අර්ධ සූර්යග්‍රහනය

නැගෙනහිර ආසියාවේ බොහෝ කොටස් වලට,ඇලස්කාව ,උතුරු කැනඩාව සහ ග්‍රීන්ලන්තය යන රටවල් වලට පමණක් දර්ශනය වේ.

for more information and map click here

ජූනි 15පූර්ණ චන්ද්‍රග්‍රහනය

දකුණු ඇමරිකාවේ බොහෝ කොටස් වලට,යුරෝපය, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, සහ ආසියාවට දර්ශනය වේ.

for more information and map click here 

ජූලි 1අර්ධ සූර්යග්‍රහනය

මෙය ඇන්ටාක්ටික් මුහුදුබඩ ප්‍රදේශයට පමණක් දර්ශනය වේ.

for more information and map click here

ජූලි 28,29  – Southern Delta Aquarids උල්කාපාත වර්ශාව

ජූලි 18 සිට අගෝස්තු 18 අතර දක්වා කාලයේ දැකගත හැකි මෙම වර්ශාව උපරිමව පවතින්නේ ජූලි 28.29 දින වලදිය. කුම්භ රාශිය පසුබිම් කරගෙන දිස්වන මෙහි උපරිමයෙදී පැයකට උල්කා 20 කට ආසන්න ප්‍රමාණයක් දැකගත හැකිය. මධ්‍යම රාත්‍රියෙන් පසු නැගෙනහිර අහසේ කුම්භ රාශිය පසුබිම් කරගෙන මෙය දිස් වේ.

අගෝස්තු 11නෙප්චූන් පෘතුවියට ආසන්න වීම

නෙප්චූන් පෘතුවියට ආසන්නම ස්ථානයට පැමිණීම සිදුවන අතර හිරු එළිය වැටීම නිසා ඉතා දීප්තිමත්ව දර්ශනය වේ. නමුත් පෘතුවිය හා නෙප්චූන් අතර පවතින අතිවිශාල දුර නිසා පියවි ඇසින් නිරික්ෂනය කල හැක්කේ නිල් පැහැති කුඩා තිතක් ලෙසටයි. නමුත් ප්‍රභල දුරේක්ෂයක් භාවිතයෙන් අනෙක් අවස්ථාවලට වඩා පැහැදිලිව නිරීක්ෂනය කල හැක.

අගෝස්තු 12,13  Perseids උල්කාපාත වර්ශාව

ඉතාම හොඳින් උල්කා දර්ශනය වන උල්කාපාත වර්ශාවක් වන මෙය පර්සියස් රාශිය පසුබිම් කරගෙන ඇතිවේ.ජූලි 22- අගෝස්තු 23 කාලයේදි ක්‍රියාකාරි වන මෙම වර්ශාවේ උපරිම අවස්තාව එළඹෙන්නේ අගෝස්තු 12, 13 යන දින වලදී වන අතර එහිදී පැයකට උල්කා 60 කට ආසන්න ප්‍රමාණයක් දැකගත හැකිය.මෙම වසරේදී පුරහඳ නිසා මෙය දැක ගැනීම තරමක් අපහසු වුවද නගරයෙන් පිටත ආලෝක දූෂනය අඩු පරිසරයකදී මධ්‍යම රාත්‍රියෙන් පසුව ඊසාන අහසේ පර්සියස් රාශිය පසුබිම් කරගෙන දැකගත හැකිය.

සැප්තැම්බර් 25යුරේනස් පෘතුවියට ආසන්න වීම

යුරේනස් පෘතුවියට ආසන්නම ස්ථානයට පැමිණීම සිදුවන අතර හිරු එළිය වැටීම නිසා ඉතා දීප්තිමත්ව දර්ශනය වේ. නමුත් පෘතුවිය හා යුරේනස් අතර පවතින අතිවිශාල දුර නිසා පියවි ඇසින් නිරික්ෂනය කල හැක්කේ නිල්- කොළ පැහැති කුඩා තිතක් ලෙසටයි. නමුත් ප්‍රභල දුරේක්ෂයක් භාවිතයෙන් අනෙක් අවස්ථාවලට වඩා පැහැදිලිව නිරීක්ෂනය කල හැක.

ඔක්තෝබර් 21,22Orionids උල්කාපාත වර්ශාව

ඔක්තෝබර් 17 -25 අතර කාලයේ ඔරායන් රාශිය පසුබිම් කරගෙන මෙම උල්කා වර්ශාව දිස්වෙන අතර ඔක්තෝබ 20 – 24 කාලයෙදී මෙහි උපරිමය වන පැයකට උල්කා 20 ක පමණ ප්‍රමණයක් බලාපොරොත්තු වේ.මධ්‍යම රාත්‍රියෙන් පසු අළුයම් කාලයේ නැගෙනහිර අහසෙදි දැකගත හැකි අතර ආලෝක දූශනය අඩු ප්‍රදෙශ වලදී වඩා හොඳින් දර්ශනය වේ.

ඔක්තෝබර් 29බ්‍රහස්පති පෘතුවියට ආසන්න වීම

යෝධ ග්‍රහයා පෘතුවියට වඩාත්ම ආසන්න වන අතර හිරු එළියෙන් හොඳින් ආලෝකමත් වන නිසා බ්‍රහස්පති හා එහි චන්ද්‍රයන් නැරඹීමට හා ඡායාරූපගත කිරීමට මෙය අනගි අවස්ථාවක් වේ.මධ්‍යම ප්‍රමාණයේ දුරෙක්ෂයක් භාවිතයෙන් බ්‍රහස්පතිහි අඳුරු පටි නිරීක්ෂනය කිරීමට හැකි වන අතර හොඳ තත්වයේ දෙනෙතියක් ආධාරයෙන් බ්‍රහස්පතිගේ විශාල ගැලීලියානු චන්ද්‍රයන් නිරීක්ෂනය කිරීමට පුළුවන.

නොවැම්බර් 8 2005 ‍YU55 ග්‍රහකය පෘතුවිය ආසන්නයෙන් ගමන් කිරීම

අඩි 1300 ක පමණ විශ්කම්භයෙන් යුත් මෙම ග්‍රහකය සඳටත් වඩා ආසන්නයෙන් පෘතුවිය පසුකිරීමට නියමිතයි (පෘතුවියේ සිට සඳට ඇති දුරමෙන් 85% ක් දුරින් ) කෙසේ නමුත් පෘතුවියට මින් කිසිදු හානියක් නොමැත. මෙය ඉතාම දුර්ලභ සිද්ධියක් සේම ආධුනික තාරකා විද්‍යාඥයන්ට ඉතාමත් අනගි අවස්ථාවක්ද වනු නිසැකයි.එයට හේතුව ග්‍රහකය සිය ගමන්මගේ පෘතුවියට ඉතා ආසන්නයට් පැමිණෙන අවස්ථාව මෙන්ම මෙතරම් විශාලත්වයෙකින් යුත් ග්‍රහකයක් පෘතුවියට මෙතරම් ආසන්න වනුයේ වසර 30 කට පසුවයි.

නොවැම්බර් 17,18Leonids උල්කාපාත වර්ශාව

උච්ච අවස්ථාවේදි පැයකට උල්කා 40 ක් පමණ දර්ශනය වන අතර සෑම වසර 33 කට වරක් මෙහි උපරිම අවස්ථාවට පත්වේ එම අවස්ථාවේදි පැයකට උල්කා 100 ක් පමණ නිරීක්ෂනය කල හැක. අවසාන වරට මෙම අවස්ථාව උදා වුයේ 2001 වසරේදීයි.උල්කා වර්ශාව මෙවර නොවැම්බර් 13 – 20 අතර කාලයේ පවතින අතර නොවැම්බර් 17,18 දින වලදි උපරිමයට ළඟා වෙයි.මධ්‍යම රාත්‍රියෙන් පසු සිංහ රාශිය පසුබිම් කරගෙන මෙය දැකගත හැකිය.

නොවැම්බර් 25අර්ධ සූර්යග්‍රහණය

ඇන්ටාක්ටිකාවට ඉහලින්, දකුණු අප්‍රිකාවේ සමහර පෙදෙස් වලට සහ තස්මේනියාවට පමණක් මෙය දර්ශනය වේ.

for more information and map click here

දෙසැම්බර් 10 පූර්ණ චන්ද්‍රග්‍රහණය

යුරෝපයේ බොහෝ කොටස් වලට, නැගෙනහිර අප්‍රිකාව, ආසියාව ,ඕස්ට්‍රේලියාව, පැසිපික් සාගරයට ඉහලින් හා උතුරු ඇමරිකාවට මෙය දර්ශනය වේ.

for more information and map click here

දෙසැම්බර් 13.14 Geminids උල්කාපාත වර්ශාව

ඉතාමත් අලංකාර උල්කා වර්ශාවක් වන මෙහි උපරිම අවස්ථාවේ වෛවර්ණ උල්කා 60 ක් පමණ පැයකදී දැකගත හැකිය.උපරිම අවස්ථාව දෙසැම්බර් 13,14 දින වලදී එළෙඹෙන අතර දෙසැම්බර් 6-19 කාලයෙදිද මෙය දැකගත හැකිය.කෙසේ නමුත් මේ වසරේදී චන්ද්‍රයා නිසා උල්කා වර්ශාවේ අලංකාරත්වය තරමක් අඩුවියහැකි නමුත් අලෝක දූෂනයෙන් තොර අඳුරු ස්ථානයක සිට නැරඹීමේදි මධ්‍යම රාත්‍රියෙන් පසු නැගෙනහිර අහසේ මිථුන රාශිය පසුබිම් කරගෙන උපරිම අවස්ථාවේදී අවම වශයෙන් පැයකට උල්කා 60 ක් නැරඹිය හැක.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s