පූර්ණ චන්ද්‍රග්‍රහනය 2011 ජූනි


මේ වසරේ ජූනි මස 15 වන දින පූර්ණ චන්ද්‍රග්‍රහනයක් සිදුවීමට නියමිතව පවතී. එය මෙම වසරේ උදාවන චන්ද්‍රග්‍රහන දෙකෙන් පළමුවැන්නයි.දෙවැන්න දෙසැම්බර් මස 10 වන දින එළඹීමට නියමිතයි.

මෙම චන්ද්‍රග්‍රහනය සුවිශේෂී වනුයේ මෙවර චන්ද්‍රයා පෘතුවි සෙවනැල්ලේ කේන්ද්‍රය පසුබිම් කරගෙන ගමන් කිරීමට නියමිත බැවිනි. අවසන් වරට එවැනි අවස්ථාවක් එළඹුනේ 2000 වසරේ ජූලී 16 වන දින උදා වූ චන්ද්‍රග්‍රහනයෙන් වන අතර නැවත වරක් මෙවන් අවස්ථාවක් උදාවනුයේ 2018 වසරේ ජූලි 18 වන දිනයි.

දර්ශනය වීම

චන්ද්‍රග්‍රහනය උදාවීම දකුණු ඇමරිකාව , බටහිර අප්‍රිකාව සහ යුරෝපයට දර්ශනය වන අතර පූර්ණ චන්ද්‍රග්‍රහනය මධ්‍යම ආසියාවට සහ අප්‍රිකාවට දර්ශනය වේ. චන්ද්‍රග්‍රහනය බැසයාම දැකගත හැකි වන්නේ නැගෙනහිර ආසියාවටයි.බටහිර ආසියාවට, ඕස්ට්‍රේලියාවට සහ පිලිපීනයට චන්ද්‍රග්‍රහනය දිස්වන්නේ හිරු උදාවට මොහොතකට පෙරයි.

දර්ශනය වන කාලසීමා

පූර්ණ : පැය 01 මිනිත්තු 40 තත්පර 13
අර්ධ : පැය 03 මිනිත්තු 39 තත්පර 19
උපඡායාව : පැය 05 මිනිත්තු 36 තත්පර 12

ස්පර්ශ වීම් (ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන්)
P1          = 22:54:33 පැය
U1         = 23:52:55 පැය
U2        = 00:52 :29 පැය
උපරිම   = 01:42:37 පැය
U3        = 02:32:41 පැය
U4        = 03:32:14 පැය
P4        = 04:30:44 පැය

ඉදිරි විශේෂ අවස්ථා දැනගැනීමට……

Leave a comment